අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය ජනතාව හෙට (16) පස්වරුව වන විට යළි කොළඹ බලා පැමිණීමට කටයුතු කරන ලෙස ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දැනුම් දෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හෙට (16) හවස්වන විට බස් රථවල තදබදයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම 17 වනදා පෙරවරුවෙත් බස් රථවල යම් තදබදයක් ඇති විය හැකි බව ඔහු සඳහන් කර සිටියා.
ඒ, අනුව ගම් බිම් බලා ගිය ජනතාව කල්වේලා ඇතිව යළි කොළඹ වැනි තදාසන්න ප්‍රදේශ බලා පැමිණීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1