ගම්මුන්ට ගුටි දුන් පොලිසියේ 09 දෙනාට අත්වූ ඉරණම

පන්නිල ප්‍රදේශයේ ඇලකට දියනෑමට ගොස් ප්‍රදේශවාසීන් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ට පහරදී තුවාල සිදුකළැයි ඇහැලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු එම අංශයේ පොලිස් නිලධාරීන් නව දෙනෙකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබුණේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, එම කොට්ඨාසයේ සේවය නියුතු උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකි.

සිද්ධියට අදාළ පැමිණීලිකරුවන්ට සැකකාර පොලිස් නිලධාරීන් හදුනාගැනීමට හැකියාව ඇතැයි සදහන් කර ඇති බැවින් ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ඇහැලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ.

සිද්ධියට අදාළව සැකකරුවන් පෙරේදා (15) නිතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසු ඇහැලියගොඩ පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

මෙම සැකකාර පොලිස් නිලධාරීන් නව දෙනා ඉකුත් 14 වැනිදා ඇහැලියගොඩ පන්නිල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ඇති බවත් එහිදී පන්නිල ප්‍රදේශයේ ඇළකට දිය නෑමට ගොස් සිටි අවස්ථාවේදී මෙම සිද්ධිය ඇති වී ඇති බවත් ඇහැලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

සැකකාර පොලිස් නිලධාරීන් ඇළට බැස දිය නෑමට ගොස් සිටියදී එහි දියනාමින් සිටි ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු හා ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇති බවත්, එහිදී සැකකරුවන් ප්‍රදේශවාසීන් කිහිප දෙනකුට පහරදී තුවාල සිදුකර ඇති බවත් ඇහැලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සැකකරුවන් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් මෙම පහරදීම් සිදුකර ලංකා දණ්ඩ නිති සංග්‍රයේ 140, 314, 316 වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි ඇහැලියගොඩ පොලීසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සදහන් කළේ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ආවරණ සහිතව ලබන 27 වැනිදා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලෙකට පස්සේ ආව හිටපු ජනපති මහින්ද දැකලා කට්ටිය දණ ග#ලා වදියි
01:39
Video thumbnail
ලංකා සිතියම වෙනස් වෙයි ?..දකුණ - වම මාරුවෙයි
00:55
Video thumbnail
ජනපතිතුමා හොල්මන් වෙලා ඉන්නේ - අනුර තමයි මේ රට හුණ්ඩුවක් කළේ
07:42
Video thumbnail
ප්‍ර#රයක් වෙනවා කියලා ආණ්ඩුව දැනගෙන හිටියද? l Namal Rajapaksa
04:24
Video thumbnail
ජනපතිගේ කතාවට විමල් රිදෙන්නම දෙයි
06:36
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි..මම කිව්වේ නෑනේ අවු: 5 - 6 අත දරුවෝ කියලා
02:54
Video thumbnail
හරි අම්මට ජාතක වෙලා තියෙනවා නම් හොරකම ඔප්පු කරලා පෙන්නන්න
08:19
Video thumbnail
I am Dr. Archuna..I am from Hundu..අර්චුනා හුන්ඩුව ගැන කිව්ව සැර කතාව
03:27
Video thumbnail
"IRIS Dena" නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දසුන් පෙළක්
01:24
Video thumbnail
රනිල්ට එක නීතියක් කුමාරට එක නීතියක්..දයාසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි
07:24