උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (28) දිනයේ සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.
ඒ, අනුව පළාත් කිහිපයක සිට ඒ වෙනුවෙන් බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.
එමෙන්ම කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පවතින කාලසටහන් වලින් බැහැරව බස් රථ ධාවනය කිරීමට අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
මේ අතර ගාල්ල, මාතර,ඇඹිලිපිටිය, බදුල්ල, හැටන්, මහනුවර වැනි ප්‍රදේශවලින් වැඩි බස් සංඛ්‍යාවක් අද (28) සහ හෙට (29) දිනයේදී මගීන්ගේ ගමන් පහසුව සඳහා යොදවා ඇති බවයි ඇය සඳහන් කළේ.
එමෙන්ම අධිවේගී මාර්ගවල ද වැඩි බස් සංඛ්‍යාවක් කොළඹට පැමිණෙන මගී ජනතාවගේ ගමන් පහසුව සපුරාගැනීම සඳහා ධාවනයට එක්කර ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.
මේ අතර කොළඹ කොටුව කන්කසන්තුරෙයි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (28) දිනයේ ධාවනයට සැලසුම් කර ඇති අතර, හෙට (39) අලුටම 5.00ට මාතර සිට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතයි.




