සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමබිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව උදෙසා අද (10) දිනයේ සිට අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
අද (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී සභාපතිවරයා පැවසුවේ මෙලෙස යොදවන අතිරේක බස් රථවලින් බස් ගාස්තුව මෙන් එකහමාරක් අයකරන බවයි.
‘විශේෂිත අවුරුදු සේවාව’ ලෙස යොදවන එම අතිරේක බස් රථවලට නැවත පැමිණීමට මගීන් නොමැතිවීම හේතුවෙන් මෙලෙස ගාස්තුව මෙන් එකහමාරක් අයකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කරන බස් රථ සේවාව නොනගතය දක්වා ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.
මේ අතර මේ දිනවල මගීන් බස් රථවල ගමන් කරන ප්‍රමාණයේ 25-30% පමණ අඩු වී ඇති බව සදහන් කරන සභාපතිවරයා පවතින උෂ්ණාධික කාලගුණය මීට හේතු වී ඇති බවයි සඳහන් කළේ.













