ගනේමුල්ල සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබා දී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ මෙම වාර්තාව ඊයේ (27) පස්වරුවේ අධිකරණයට ලබා දී ඇති බවත් එය විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේ දී පිරිනමා ඇති බවයි.

එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක් ද නිකුත් කරන ලද බව වාර්තාවේ සඳහන්.

ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිතයි.

එමෙන්ම සංජීවට වෙඩි තැබූ අවස්ථාවේ දී ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් දෙවැනි දිනටත් සාක්ෂි ලබා ගැනීම අද (28) දින සිදු කෙරෙනවා.

එහි නඩු විභාග කටයුතු ඊයේ දිනට යෙදුණ ද එය අද දින තෙක් කල් තැබුණා.

මේ අතර පෙබරවාරි 19 වැනි දින ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමට උදව් දුන් ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිණිය එම සිදුවීමට දින දෙකකට පමණ පෙර රැඳී සිටියේ යැයි පැවසෙන කඩුවෙල – වැලිවිට නගරයේ වෙළෙඳසැලකින් සිම්පතක් මිලට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම සිම්පත අදාළ ඝාතනය සිදු කිරීමේ ක්‍රියාවලියට දායක කරගෙන ඇති බවට හෙළි ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07