ගනේමුල්ල සංජීවගේ ඝාතකයා සතුව තිබූ නීතිඥ හැඳුනුම්පත ව්‍යාජ එකක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (19) දින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාව ඝාතනය කළ වෙඩික්කරු අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සන්තකයේ තිබී හමුවූ බවට පැවසෙන නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලදැයි පැවසෙන නීතිඥ හැඳුනුම්පත ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිකුත් නොකරන ලද්දක් බව එම සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ අදාළ හැඳුනුම්පතෙහි සඳහන් සියලු කරුණු පිළිබඳ ව කළ පරීක්ෂාවේ දී එම නමින් කිසිදු නීතිඥවරයෙකු තම සංගමය යටතේ ලියාපදිංචි වී නොමැති බවයි.

එමෙන්ම එහි දැක්වෙන නීතිඥ සංගමයේ ලේකම්වරයාගේ අත්සන වෙනත් ස්ථානයකින් උපුටාගෙන කූඨ ලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පතක් බවට ද මේ වනවිට හෙළි ව තිබෙන බවත් නිවේදනයේ සඳහන්.

ඒ අනුව එකී හැඳුනුම්පත ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පතක් නොවන අතර එහි ඇති කිව් ආර් කේතය ද ව්‍යාජ එකක් බවත් එහි ඇති ඡායාරූපය හෝ තොරතුරු ඇතුළත් කිසිදු සාමාජිකයෙක් නීතිඥ සංගමයේ නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?