ගනේමුල්ල සංජීවගේ ඝාතකයාගෙන් විශේෂ අනාවරණයක්

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරු පොලිසිය හමුවේ විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයින් විසින් මෙම අපරාධය සඳහා තමන්ව සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ කරගත් බව වෙඩික්කරු පොලිසිය හමුවේ පවසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.

කෙසේ වෙතත් සැකකරුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය
ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මිට පෙර පවසා තිබුණේ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත තමන් මෙම ඝාතනය සිදුකළ බවයි.

එම කොන්ත්‍රාත්තුව සඳහා රුපියල් කෝටි එක හමාරක මුදලක් තමන්ට ලබාදෙන බවට ඔවුන් පොරොන්දු වී සිටි බවත් වෙඩික්කරු හෙළිකර තිබුණා.

මේ අතර මෙම අපරාධයට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තිදෙනෙක් එළඹෙන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?