ගතවු පැය 24 තුළ පාතාල අපරාධකරුවන් 19ක් අල්ලයි

ඊයේ (20) දිනය තුළ පාතාල අපරාධ මැඩලීමේ යුක්තිය මෙහෙයුමේදී අපරාධකල්ලිවලට අයත් ලේඛනගත පාතාල අපරාධකරුවන් 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම මෙහෙයුම් අතරතුර පොලිස් වි⁣ශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් ගනේමුල්ල පොලිස් වසමේ සුමේධ මාවත පිහිටි දෙමහල් නිවසක් සෝදිසි කිරීමේදී පාතාල අපරාධකරුවකු වන කදමුල්ල ආරච්චිගේ මංජුල ප්‍රසාද් හේමන්ත නොහොත් පැට්ටා මංජු යන අයගේ ගෝලයෙකු වන බුලගහපිටිය, ඇහැලියගොඩ පදිංචි ෂෙහාන් අසංක බටුගෙදර යන අය විසින් පිස්තෝල අවියකින් වෙඩිතැබීම හේතුවෙන් ඇතිවු වෙඩි හුවමාරුවකදී තුවාල ලබා රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණා.

මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරියෙකු ද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, මරණකරු පසු ගිය (09) වනදා ජා-ඇල පොලිස් වසමේදී එරිප්පුගේ මංජුල සරත් ප්‍රනාන්දු යන අයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13