ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන උසාවියට දැනුම්දීමක්

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් රඳවා ගෙන සිටින නීතිඥවරිය දින 90ක කාලයක් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?