ගඩලාදෙණියේ නිවාඩු නිකේතනයක් තුළ ගණිකා නිවසක් – කතුන් 02ක් සමඟ තුනක් අල්ලයි

දවුලගල පොලිස් වසමේ ගඩලාදෙණිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා තිබෙනවා.

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) මෙම වැටලීම සිදුකර ඇත්තේ ලැබුණු තොරතුරකට අනුවයි.

එහිදී මෙම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකරුවෙක් සහ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 68ක් වන පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් අවුරුදු 35 සහ 48 වයස්වල පසු වන දෙවනගල හා මුරුතලාව යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
5
+1
25
+1
6
+1
3
+1
5
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?