ගංවතුර මැද මගීන්ගේ ජීවිත අනතුරේ දැමූ පුද්ගලික බස් රථයට වැඩ වරදියි

මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ දී පැවති ගංවතුර මධ්‍යයේ මගීන්ගේ ජීවිත අනතුරේ හෙලමින් ගංවතුර මැදින් ධාවනය කළ බස් රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මාර්ග අංක 98 මොණරාගල – කොළඹ ධාවනය කරන පෞද්ගලික බස් රථයකට එරෙහිව මෙලෙස විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

ඒ, අනුව මගීන්ගේ ජීවිත අනතුරේ දමමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ එම බස් රථයේ මාර්ග බලපත්‍රය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

ඊට අමතරව බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර ලෙස කටයුතු කාලා සේවකයින් දෙදෙනාගේ සේවය මාසයක කාලයකට අත්හිටුවීමටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර ඇත්තේ.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර පැවති ගංවතුර තත්ත්වයේ දී අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත දී මගීන් 68 සමඟ ගංවතුරේ සිරවූ බස් රථය සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?