AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24දිත් බලාත්මකයි – ගිං ගඟත් අවදානමක(නිවේදනය)

පවතින වැසි තත්වයත් සමඟ කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා රියදුරන් ද අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් දැනුම්දී ඇත්තේ.

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වන්නේ.

එමෙන්ම කුකුළේ ගඟ සහ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව ද සඳහන්.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වීම ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගඟේ සැඬ පහරට හසු වී ගසාගෙන ආ විශාල උණ ගස් ප්‍රමාණයක් තෙලිකඩ – ගාල්ල මාර්ගයේ වක්වැල්ල පාලමේ රැඳී ඇති අයුරු දක්නට ඇති බවයි.

මෙම උණ ගස් පාලමේ හිරවීම ගඟේ ජලය නිසි පරිදි ගලා යෑම අවහිර කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12

?