ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24දිත් බලාත්මකයි – ගිං ගඟත් අවදානමක(නිවේදනය)

පවතින වැසි තත්වයත් සමඟ කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා රියදුරන් ද අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් දැනුම්දී ඇත්තේ.

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වන්නේ.

එමෙන්ම කුකුළේ ගඟ සහ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව ද සඳහන්.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වීම ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගඟේ සැඬ පහරට හසු වී ගසාගෙන ආ විශාල උණ ගස් ප්‍රමාණයක් තෙලිකඩ – ගාල්ල මාර්ගයේ වක්වැල්ල පාලමේ රැඳී ඇති අයුරු දක්නට ඇති බවයි.

මෙම උණ ගස් පාලමේ හිරවීම ගඟේ ජලය නිසි පරිදි ගලා යෑම අවහිර කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30