ගංවතුරට යට වූ සෝමාවති පුදබිම පිරිසිදු කෙරේ (වීඩියෝ)

පසුගිය දිනවල පොළොන්නරුව ප්‍රදේශයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟඑතිහාසික සෝමාවතිය පුදබිම පැවතියේ ජලයෙන් යටවයි.

කාලගුණය යහපත් තත්ත්වයට පත්වීමත් සමඟින් චෛත්‍ය මළුවේ පිරී පැවති ජලය මේ වන විට ක්‍රමයෙන් බැස ගොස් ඇති අතර ආරක්ෂක අංශ එක්ව චෛත්‍ය මළුව පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා.

අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය චෛත්‍ය මළුව සහ මළුවට පිවිසෙන මාර්ගය අඩි 6ක් පමණ ජලයෙන් යටව පැවතුණා.

චෛත්‍යය මළුව ජලයෙන් යටවී තිබීම හේතුවෙන් සංඝයා වහන්සේලා දෙවැනි මහල සංඝාවාසයේ වැඩ සිට චෛත්‍යයට පුද පූජා පැවැත්වීම සිදුකරනු ලැබුවා.

කාලගුණය යහපත් තත්ත්වයට පත්වීමත් සමඟ මේ වන විට චෛත්‍ය මළුවේ සහ චෛත්‍යයට පිවිසෙන මාර්ගයේ පැවති ජලය සම්පූර්ණයෙන් බැස ගොස් තිබෙනවා.

දින ගණනක් පුරා ජලයෙන් යටව පැවතීම හේතුවෙන් චෛත්‍ය මළුව රොන්මඩ වලින් වැසී පැවතුණා.

අද දිනයේ යුද හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක අංශ සෙබළුන් එක්ව රොන්මඩ ඉවත් කර මළුව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

සෝමාවතිය චෛත්‍ය වන්දනාව සඳහා පැමිණෙන සැඳැහැවතුන්ට බාධාවකින් තොරව සුපුරුදු පරිදි සිය වන්දනාමාන කටයුතු සිදුකර ගැනීමට පහසුකම් සැලසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?