ගංවතුරට යට වූ සෝමාවති පුදබිම පිරිසිදු කෙරේ (වීඩියෝ)

පසුගිය දිනවල පොළොන්නරුව ප්‍රදේශයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟඑතිහාසික සෝමාවතිය පුදබිම පැවතියේ ජලයෙන් යටවයි.

කාලගුණය යහපත් තත්ත්වයට පත්වීමත් සමඟින් චෛත්‍ය මළුවේ පිරී පැවති ජලය මේ වන විට ක්‍රමයෙන් බැස ගොස් ඇති අතර ආරක්ෂක අංශ එක්ව චෛත්‍ය මළුව පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා.

අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය චෛත්‍ය මළුව සහ මළුවට පිවිසෙන මාර්ගය අඩි 6ක් පමණ ජලයෙන් යටව පැවතුණා.

චෛත්‍යය මළුව ජලයෙන් යටවී තිබීම හේතුවෙන් සංඝයා වහන්සේලා දෙවැනි මහල සංඝාවාසයේ වැඩ සිට චෛත්‍යයට පුද පූජා පැවැත්වීම සිදුකරනු ලැබුවා.

කාලගුණය යහපත් තත්ත්වයට පත්වීමත් සමඟ මේ වන විට චෛත්‍ය මළුවේ සහ චෛත්‍යයට පිවිසෙන මාර්ගයේ පැවති ජලය සම්පූර්ණයෙන් බැස ගොස් තිබෙනවා.

දින ගණනක් පුරා ජලයෙන් යටව පැවතීම හේතුවෙන් චෛත්‍ය මළුව රොන්මඩ වලින් වැසී පැවතුණා.

අද දිනයේ යුද හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක අංශ සෙබළුන් එක්ව රොන්මඩ ඉවත් කර මළුව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

සෝමාවතිය චෛත්‍ය වන්දනාව සඳහා පැමිණෙන සැඳැහැවතුන්ට බාධාවකින් තොරව සුපුරුදු පරිදි සිය වන්දනාමාන කටයුතු සිදුකර ගැනීමට පහසුකම් සැලසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41