මහනුවර නගරයේ ගංජා පැකට් කර අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරුවෙකු ඊයේ (25) දින මෝටර් රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ පැවසුවා.
උපාය දූතයෙකු යොදා කළ මෙහෙයුමකදී මහනුවර අලුත් මාර්ගයේදි යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වයස අවුරුදු 40ක් වූ සැකකරු මහනුවර, දෙහියම්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ ගිනිගත්හේන, අඹගමුව ප්‍රදේශයේ දී ඊයේ (25) දින උදෑසන ගංජා මිලිග්‍රෑම් 490ක් සමඟ නාවලපිටිය, රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්ණ කිරීමක දී ලද තොරතුරු මත හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර සහ සහකාර පොලිස් අධිකාරී නිස්සංක ගොඩමුන්න යන අයගේ උපදෙස් පරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
පොලිස් භාරයට ගත් මෝටර් රථය පරික්ෂා කිරීමේ දී තුළ තිබී ග්‍රෑම් 10 බැගින් ඇසුරුම් කරන ලද ගංජා පැකට් 24ක් (ග්‍රෑම් 240) සොයාගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසුවා.
පොලිසිය විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ මෝටර් රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





