spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගංජා සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවේ

තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් තණමල්විල කහකුරුලම්පෑලැස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගංජා හේන් දෙකක් ආශ්‍රිතවයි වැටලීම සිදුකර තිබුණේ.

එම ගංජා හේන් දෙකෙහි උස අඩි 4 කට ආසන්නව සරුවට වගා කර තිබූ ගංජා ගස් 4000 ක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බව පොලිසිය පවසනවා.

වැටලීමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් දෙදෙනකු වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?