ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මහනුවර නගරයේ ගංජා පැකට් කර අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරුවෙකු ඊයේ (25) දින මෝටර් රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ පැවසුවා.

උපාය දූතයෙකු යොදා කළ මෙහෙයුමකදී මහනුවර අලුත් මාර්ගයේදි යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වයස අවුරුදු 40ක් වූ සැකකරු මහනුවර, දෙහියම්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ ගිනිගත්හේන, අඹගමුව ප්‍රදේශයේ දී ඊයේ (25) දින උදෑසන ගංජා මිලිග්‍රෑම් 490ක් සමඟ නාවලපිටිය, රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්ණ කිරීමක දී ලද තොරතුරු මත හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර සහ සහකාර පොලිස් අධිකාරී නිස්සංක ගොඩමුන්න යන අයගේ උපදෙස් පරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

පොලිස් භාරයට ගත් මෝටර් රථය පරික්ෂා කිරීමේ දී තුළ තිබී ග්‍රෑම් 10 බැගින් ඇසුරුම් කරන ලද ගංජා පැකට් 24ක් (ග්‍රෑම් 240) සොයාගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසුවා.

පොලිසිය විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ මෝටර් රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41