තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් තණමල්විල කහකුරුලම්පෑලැස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගංජා හේන් දෙකක් ආශ්‍රිතවයි වැටලීම සිදුකර තිබුණේ.
එම ගංජා හේන් දෙකෙහි උස අඩි 4 කට ආසන්නව සරුවට වගා කර තිබූ ගංජා ගස් 4000 ක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බව පොලිසිය පවසනවා.
වැටලීමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් දෙදෙනකු වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
1
1
1