ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන කෝටාව පිලිබඳ පැහැදිලි කිරීමක්

එක් පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය ඉදිරියේදී රටට ඉන්ධන ලැබෙන තත්ත්වය අනුව අඩු වැඩි වියහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකර චමින්ද සමරකෝන් ඒ බව මෙලෙස සදහන් කලා.

“සතියේ ඉන්ධන කෝටාව ඉරිදට තමයි අපි යාවත්කාලීන කරන්නේ. ඒකෙදි මූලිකව පදනම් වෙන්නේ අපේ අතේ තිබෙන ඉන්ධන සංචිතය. අපිට තෙල් ලැබුණොත් මේ කෝටාව වැඩි කරන්න පුළුවන්. අපේ සංචිතය අඩු වෙනවා නම් මේ කෝටා එකත් අඩු කරන්න සිද්ධවෙයි.”

“මීට පෙර දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,700ක් වගේ වෙළෙඳපොළට මුදාහැරියා. අද ඒක 3,000කට සීමා කරන්න වෙලා.”

“6,000ක් වගේ දෛනිකව නිකුත් කළ ඩීසල් මෙට්‍රික් ටොන් ප්‍රමාණය දැන් 4,000කට සීමාවෙලා.”

“QR කේතය හරහා ඉන්ධනහලකින් නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය සහ එම ඉන්ධන පිරවුම්හලට අපි ලබාදුන් ඉන්ධන ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. දෛනිකව තොග සැසදීමක් අපි කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?