කෝලිට දෙවැනි වෙමින් බට්ලර්ගෙනුත් වේගවත් ශතකයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19වන තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම පරදවා කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ (06) දින රාත්‍රියේ සමත් වුණා.

මෙවර තරගාවලියේ පළමු සහ දෙවන ශතක දෙකම මෙම තරගයේදී වාර්තා වීමත් විශේෂත්වයක්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු රාජස්ථාන් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි බෙන්ගලුරු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තා.

එහිදී විරාට් කෝලි නොදැවී ලකුණු 113ක් පන්දු 72කින් රැස්කල අතර එය මෙවර තරගාවලියේදී වාර්තා වූ පළමු ශතකයද වනවා .

එමෙන්ම එය විරාට් කෝලි ලබා ගත් 09වන විස්සයි විස්ස ශතකයයි.

ඔහුට එම ශතකය රැස් කිරීම සදහා පන්දු 67 ක් වැය වූ අතර එයට හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් අන්තර්ගත වුණා.

පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහල් ලකුණු 34කට කඩුළු 02ක් දවාගත්තා.

ඒ අනුව රාජස්ථාන් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සම්පුර්ණ කිරීමට හැකිවුණා.

එහිදී මෙවර තරගාවලියේ වාර්තා වූ දෙවන ශතකය රාජස්ථාන් කණ්ඩායමේ ජෝස් බට්ලර් විසින් වාර්තාකල අතර ඔහුට ඒ සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 58ක් .

පන්දු යැවීමේදී රීස් ටොප්ලි ලකුණු 27ට කඩුළු 02ක් දවා ගත්තා.

මෙම තරගයේ වීරයා වශයෙන් නම් කෙරුනේ රාජස්ථාන් කණ්ඩායමේ ජෝස් බට්ලර්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22