AFC Banner
Empty Ad
Empty Ad

කෝලිට අභියෝග කරන අපේ දිමුත්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් එළිදක්වා තිබේ.

මෙම නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ස්ථාන 3ක් ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් හට නව ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 781කි.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Marnus Labuschagne ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ රැඳී සිටී.

කෙසේ වෙතත් තවත් කැපී පෙනෙන සිදුවීමක් වන්නේ සිය 100 වන ටෙස්ට් තරග සීමාව පසුකල ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි හට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඔහුගේ ස්ථානය අහිමි වීමය.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු ස්ථාන 4ක් පහළට ගොස් නතරවී ඇත්තේ 9 වන ස්ථානයේයි.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 6ක් පසුකරමින් සිව්වන ස්ථානය කරා පැමිණීමට සමත්ව තිබේ.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 830කි.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ තවදුරටත් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Pat Cummins රැඳී සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?