AFC Banner
Empty Ad

කෝලිගෙන් ශතක වාර්තාවක්

ඕස්ට්‍රේලියාව තුළ දී ආසියානු ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තා තම නම ඉදිරියේ ලියාගන්නට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද (24) සමත් වුණා.

ඒ, ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය දෙවන ඉනිමේ දී නොදැවී ශතකයක් වාර්තා කරමින්.

විරාට් කෝලි ඕස්ට්‍රේලියාවේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස්කළ 07 වන ටෙස්ට් ශතකය මෙය වන අතර, ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 30 වන ටෙස්ට් ශතකය මෙය වීම ද විශේෂත්වයක්.

මේ වනවිට කෝලි ඕස්ට්‍රේලියානු භූමියේ දී ශතක දහයක් රැස්කරගෙන සිටිනවා.

මීට පෙර ඕස්ට්‍රේලියානු භූමියේ දී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කර ගත් ආසියානු ක්‍රීඩකයා බවට සචින් තෙන්ඩුල්කාර් පත්ව සිටියා.

කෝලි අද දිනයේ පන්දු 143කට මුහුණ දී හතරේ පහරවල් 08ක් සහ හ‌යේ පහරවල් 02ක් ද සමඟ ලකුණු 100ක් රැස්කරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?