කෝටි 30ක කොකේන් සමඟ කෙන්යානුවෙක් ගුවන් තොටේදී අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 30ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට මෙරටට රැගෙන ආ විදෙස් ජාතිකයෙකු ඊයේ (24) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට සිදුකර ඇති අතර,මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි කෙන්යානු ජාතික මෝටර් රථ ව්‍යාපාරිකයෙක්.

මොහු ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු විසින් රැගෙන ආ අත් බෑගය තුළ ” කුකීස්” බිස්කට් අඩංගු ටින් 03 ක් තුළ කිලෝ ග්‍රෑම් 04ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය කරල් 180ක් සඟවා තිබුය දී සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඔහු ගුවන්තොටුපොළ “හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වන අවස්ථාවේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම කෙන්යානු ජාතිකයා ශ්‍රී ලංකාවට පළමුවරට පැමිණ තිබූ අතර, මොහු පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත ජාත්‍යන්තර බුද්ධි තොරතුරු ද ලැබී තිබූ බවයි වාර්තා වුණේ.

සැකකරු කොකේන් මත්ද්‍රව්‍ය තොගය සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

20230924 210514 scaled
20230924 210748 scaled
20230924 210452 scaled
20230924 210401 scaled
20230924 210654 scaled
20230924 210805 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34