AFC Banner
AFC Banner
Empty Ad

කෝටි 3ක අයිස් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට වඩා වැඩි මුදලකට අලෙවි කිරීමට ගිය අයිස් පාර්සල් 03ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (13) රාත්‍රී 7.45ට පමණ කල්පිටියේ සිට පුත්තලමට පැමිණෙන ලංගම බස් රථයක් කුරුන්ඥන්පිටිය ප්‍රදේශයේදී පරික්ෂා කිරීමේදී යි සැකකරු සහා මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙහි අයිස් කිලෝ 2යි ග්‍රෑම් 810ක් තිබී ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ අලෙවිකරුවෙකුට ලබා දීම වෙනුවෙන් රැගෙන පැමිණි අතර තමන්ට එක් පාර්සලයක් වෙනුවෙන් රුපියල් 20000ක මුදලක් ලබා දෙන බව සැකකරු හෙළි කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් ඇති මෙම අයිස් තොගය ධීවර බෝට්ටුවක් මාර්ගයෙන් කල්පිටියට ගෙනැවිත් ඇතැයි සඳහන්.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?