කෝටි 27ක හෙරොයින් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවා (Towel) ලෙසට ප්‍රකාශ කරමින් පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් ඊයේ රාත්‍රී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

පාර්සල් 08ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය පසුගිය 10 වනදා ඕමාන් ගුවන් සේවයේ WY- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබූ බව සඳහන්.

මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙතයි එවා ඇත්තේ.

ඊයේ රාත්‍රී මෙම භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යාමට කොළඹ – 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබෙනවා.

එහිදී මෙම භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දීයි කිලෝ 10යි ග්‍රෑම් 500ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී ඇත්තේ.

මෙම භාණ්ඩ තොගය ගෙන යාමට පැමිණි පුද්ගලයා සහ මෙම භාණ්ඩ නිශ්කාශනය කර ගැනීමට තැත් කළ වාප්පු ලිපිකරුවන් දෙදෙනෙකු ද රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව මෙම හෙරොයින් තොගය සහ අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?