කෝටි 27ක හෙරොයින් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවා (Towel) ලෙසට ප්‍රකාශ කරමින් පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් ඊයේ රාත්‍රී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

පාර්සල් 08ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය පසුගිය 10 වනදා ඕමාන් ගුවන් සේවයේ WY- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබූ බව සඳහන්.

මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙතයි එවා ඇත්තේ.

ඊයේ රාත්‍රී මෙම භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යාමට කොළඹ – 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබෙනවා.

එහිදී මෙම භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දීයි කිලෝ 10යි ග්‍රෑම් 500ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී ඇත්තේ.

මෙම භාණ්ඩ තොගය ගෙන යාමට පැමිණි පුද්ගලයා සහ මෙම භාණ්ඩ නිශ්කාශනය කර ගැනීමට තැත් කළ වාප්පු ලිපිකරුවන් දෙදෙනෙකු ද රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව මෙම හෙරොයින් තොගය සහ අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52