AFC Banner
AFC Banner
Empty Ad

කෝටි හතක කන-කර පැළඳගෙන ලංකාවට ආ කාන්තාවන් තිදෙනෙකුට වැඩ වැරදුනු හැටි

ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 06 දෙනකු රත්රන් කිලෝ 03යි ග්‍රෑම් 158ක් සහ ඇපල් වර්ගයේ අයිෆෝන් 39ක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් දෙදෙනා මේ රත්රන් තොගය ආභාරණ ලෙස සිරුරේ පැලඳගෙන සිට ඇති අතර ජංගම දුරකතන තොගය ඔවුන් ගමන් මලුවල සඟවාගෙන පැමිණ ඇත.

මේ භාණ්ඩවල දැනට පවතින වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 700ක් පමණ වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තීරුබදු නොගෙවා රේගු පරීක්ෂාවලින්ද බේරී මොවුන් පැමිණීමේ පර්යන්තයෙන් පිටතට පැමිණෙන විටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යූ.එල්. 226 අංකය දරන ගුවන්යානයෙන් මොවුන් 06 දෙනා මෙරටට පැමිණ ඇති අතර, සංචාරක වීසා මඟින් ඔවුන් ඩුබායි ගොස් දින කිහිපයක් එහි රැඳී සිට මේ රත්රන් තොගය සහ දුරකතන රැගෙනවිත් ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

කාන්තාවන් දෙදෙනා මීගමුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර, සෙසු සැකකරුවන් අකුරණ පදිංචිකරුවෝය. මේ ජාවාරම මෙහෙවා ඇත්තේ ඔවුන් බව පෙනී ගොස් තිබේ. ඩුබායි බලා යෑමටත් පැමිණීමටත් ගුවන් ටිකට්පත් එරට හෝටල්වල ඉඳුම් හිටුම් සමඟ අතට රුපියල් ලක්ෂයක පමණ මුදලක් මේ එක් ගමන් වාරයකදී සැකකරුන්ට ප්‍රධාන ජාවාරම්කරු විසින් දෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?