AFC Banner
Empty Ad
Empty Ad

කෝටි තුනක රන් බිස්කට් සමඟ අසල්වැසියෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී ගුවන් මගියෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටි අදාළ පුද්ගලයාගේ කලිසම් සාක්කුවේ තිබී මෙම රන් බිස්කට් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක ඉන්දීය ජාතිකයෙක් බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 06 වනදා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ ඇති මෙම පුද්ගලයා ඊයේ (07) දින යළි ඉන්දියාවේ බැංගලෝර් වෙත යෑමට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

පිටත්වීමේ පර්යන්තයේ සිට සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය වෙත ගොස් සිටි මෙම පුද්ගලයා පරික්ෂා කිරීමේ දී ඔහුගේ කලිසම් සාක්කුවක තිබූ කුඩා බෑගයක් තුළ තිබිය දී මෙම රන් බිස්කට් සොයාගැනීමට හැකිව තිබෙනවා.

කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 158ක් බරැති රන් බිස්කට් 09ක් මෙහි දී සොයාගෙන ඇති අතර, තවත් රන් කැබලි 03ක් ද මොහු සන්තකයේ තිබී සොයාගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?