කෝටි තුනක රන් බිස්කට් සමඟ අසල්වැසියෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී ගුවන් මගියෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටි අදාළ පුද්ගලයාගේ කලිසම් සාක්කුවේ තිබී මෙම රන් බිස්කට් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක ඉන්දීය ජාතිකයෙක් බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 06 වනදා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ ඇති මෙම පුද්ගලයා ඊයේ (07) දින යළි ඉන්දියාවේ බැංගලෝර් වෙත යෑමට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

පිටත්වීමේ පර්යන්තයේ සිට සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය වෙත ගොස් සිටි මෙම පුද්ගලයා පරික්ෂා කිරීමේ දී ඔහුගේ කලිසම් සාක්කුවක තිබූ කුඩා බෑගයක් තුළ තිබිය දී මෙම රන් බිස්කට් සොයාගැනීමට හැකිව තිබෙනවා.

කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 158ක් බරැති රන් බිස්කට් 09ක් මෙහි දී සොයාගෙන ඇති අතර, තවත් රන් කැබලි 03ක් ද මොහු සන්තකයේ තිබී සොයාගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36