කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් – කාන්තාවකුත් සම්බන්ධයි

අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (02) දහවල් සොයාගත් ප්‍රකට රෙදිපිළි අලෙවිසැල් ජාලයක් හිමි ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක කරනවා.

මෙම ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ මුදල් පසුම්බියේ තිබුණු ක්‍රෙඩිඩ් කාඩ් පත් 04ක් අතුරුදන්ව ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම ඔහුගේ ජංගම දුරකථනය ද අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු අතුරුදන් වීමෙන් පසු එම ක්‍රෙඩිඩ් කාඩ් පත් මඟින් ගුවන් ටිකට් පත් 05ක් ද වෙන් කරගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ,එමන්ම ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කර කටුනායක ගුවන්තොටුපොළේ සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 05ක පමණ භාණ්ඩ මිලදීගෙන ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

තොරතුරුවලට අනුව පොලීසිය සැකපළකරන්නේ අදාළ ව්‍යාපාරිකයාගේ ඝාතනයට කාන්තාවක් සම්බන්ධ වී ඇති බවටයි.

එසේම ඝාතකයන් මේ වනවිට රටින් පළාගොස් ඇති බවට පොලිසි වැඩිදුරටත් සැක පළකරනවා.

දින 03ක සිට අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මළසිරුර ඔහුට අයත් පැලවත්ත එම්.ඩී.එච්. පුර නිවෙසක තෙවැනි මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබිය දී ඊයේ (2) සවස සොයා ගත්තා.

එය සොයාගන්නා අවස්ථාවේ දීත් සිරුර හඳුනාගැනීමට නොහැකි පිරිදි ඉදිමී තිබූ බවයි දැන ගන්නට ලැබුණේ.

මේ අතර අදාළ මළ සිරුර හමුවූ නාන තටාකය ආසන්නයේ ලේ පැල්ලම් කිහිපයක් ද සොයාගෙන තිබුණා.

හිසට පහරදී ඝාතනය කර අනතුරුව නිරුවත් මළ සිරුර ඇදගෙන විත් නාන තටාකයට දමා ඇති බවටයි සිදුකළ මූලික විමර්ශනවලට අනුව සැකපළ කරන්නේ.

මේ අතර මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී උපත් පාලන කොපු කිහිපයක් ද හමුව ඇති අතර ඉන් එකක් භාවිතයට ගෙන ඇති බව ද මූලික විමර්ශනයේ දී හෙළිව තිබෙනවා.

මෙම ඝාතනය සිදුව ඇති බවට සැකපළ කරන එම නිවසේ ආරක්ෂිත කැමරා සවිකර නොමැති බැවින් ඒ අසළ වෙනත් ගොඩනැගිලිවලආරක්ෂිත කැමරා සහ ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කරමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?