කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සැකකාර යුවළ පොලිසිය ඉදිරියේ සිදුකළ අපරාධය වමාරයි

පැලවත්තේ තෙමහල් නිවාසයක පිහිණුම් තටාකයේ දී පසුගියදා අභිරහස් ලෙස මිය ගොස් සිටිය දී හමු වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ මරණ පරීක්ෂණය අද (06) සිදුකරනු ලැබුවා.

ඊට අමතරව ඔහුගේ ඩී.එන්.ඒ. පරීක්ෂාව ද එහිදී සිදුකිරීමට නියමිතව තිබුණා.

පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු දේහය පොලිස් මෘත ශරීරාගාරයේ තවදුරටත් තැන්පත් කර තිබෙනවා.

අදාළ මරණ පරීක්ෂණය පසුගිය සිකුරාදා සිදුකිරීමට නියමිතව තිබුණ ද එය අද (06) දින දක්වා කල් දමනු ලැබුවේ එය ඥාතීන්ට හඳුනාගැනීමට නොහැකි වීම හේතුවෙන්.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර යුවළ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කඳාන ප්‍රදේශයේ දී ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ අවුරුදු 27ක සැකකරුවෙකු සහ අවුරුදු 21ක සැකකාරියක් වන අතර, ඔවුන් නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වුණේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ සමාජ මාධ්‍ය මිතුරු ජාලයක් හරහා තමන් මෙම ව්‍යාපාරිකයා හඳුනාගත් බවයි.

මේ අතර ඔවුන් පළමුවරට හමුවූයේ පසුගිය 30 වනදා බවත් සැකකරු මෙහිදී පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

මෙම හමුවීම ව්‍යාපාරිකයාට අයත් පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ සිදුව ඇති අතර, එහිදී මුදල් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මුඟුරකින් පහර දී මෙම ඝාතනය සිදුකළ බවයි සැකකරු පොලිසියට පවසා ඇත්තේ.

අනතුරුව ඔවුන් ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය සහ බැංකු කාඩ්පත ද රැගෙන එම අවස්ථාවේ දී නිවාසින් පළා ආ බවත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්ච්රණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ව දින 02ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11