Empty Ad
Empty Ad
AFC Banner

කෝච්චියෙන් ‍යද්දී ගෙනියන ගමන් මල්ලටත් මුදලක් අය කෙරේ (නිවේදනය)

දුම්රිය මගීන් විසින් ගෙන යනු ලබන අමතර මළු සඳහා අය කිරීමක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කාර්යාලීය සේවකයින්ට තමන්ගේ රජකාරි ගමන් මල්ල ද, පුද්ගලික ගමනක් නම්; ඇඳුම් බෑගය පමණක් දුම්රියෙන් නොමිලේ රැගෙන යාමට මගීන්ට අවසර හිමිවන බවයි.

කිලෝග්‍රෑම් 25ට අඩු භාණ්ඩ මල්ලක් පමණක් මගීන්ට රැගෙන යාමට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා ද අමතර ගෙවීමක් කිරීමට සිදු වනු ඇති.

කිලෝග්‍රෑම් 25ට වැඩි සිය භාණ්ඩ මළු නියමිත පරිදි සකස් කර කාර්යාලීය වේලාවන් තුළ දී මගීන් විසින් දුම්රිය ස්ථානවලට භාරදීම සිදු කළ යුතු වනවා.

එසේ නොවන දුම්රියෙන් ප්‍රවාහනය කරන සියලුම ගමන් මළු සඳහා දඩ මුදලක් අය කිරීමට සිදු වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රදර්ශනය කර ඇති දැන්වීමක සඳහන් බවයි වාර්තා වන්නේ.

මෙම දැන්වීම හලාවත – මාදම්පේ දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනය කර ඇති අයුරු දසත මාධ්‍යවේදියාගේ කැමරා ඇසට හසුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
15
+1
81
+1
4
+1
6
+1
5
+1
13
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?