නෙවිල් සිල්වාට ඇප හිමිවෙයි

වැලිගම හෝටලය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණට භාර කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර තිබෙනවා.

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි w15 හෝටලයක ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි පසුගිය පෙබරවාරි 27 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරුණා.

එහිදී එම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 9 වැනි සැකකරු ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාව නම් කර තිබුණා.

ඒ අනුව ඔහු අද (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඇප මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.