කොළොම්බියාවේ ප්‍රබල භූ චලනයක්

කොලොම්බියාවේ බොගෝටා අගනුවර ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රිච්ටර් මාපකයේ 6.3ක් ලෙසට වන අතර කොලොම්බියාවේ ජාතික භූ විද්‍යා සේවය වාර්තා කළේ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 6.1ක් ලෙසයි.

භූ කම්පනය හමුවේ බියට පත් නිවැසියන් මාර්ගවලට දිව ගොස් ඇති අතර එහිදී කාන්තාවක් ඇදවැටී මියගොස් තිබෙනවා.

නගරාධිපති ක්ලෝඩියා ලෝපෙස් පැවසුවේ මැඩලේනාහි නේවාසික ගොඩනැගිල්ලක 10 වන මහලෙන් පැනීමට ගොස් මෙම කාන්තාව මරණයට පත්වී ඇති බවයි.

භූමිකම්පාවෙන් සිදු වූ විශාල හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

භීතියට පත් දහස් ගණන් කොලොම්බියානු නිවැසියන් අගනුවර වීදිවලට දිව එද්දී කම්පනයෙන් ගොඩනැගිලි දෙදරුම් කෑ අතර අනතුරු හඟවන සයිරන් ද නාද වී තිබෙනවා.

භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු පසු කම්පන ඇති වූ අතර මිනිසුන් නගරයේ වීදිවල පිරී සිටි බව සඳහන්.

කොලොම්බියාවේ ජාතික භූ විද්‍යා සේවය විසින් දෙවන භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.6ක් ලෙස වාර්තා කර ඇති අතර, තවත් පසු කම්පනයක් එකක 4.8ක් ලෙස සටහන් වී තිබෙනවා.

මධ්‍යම කොලොම්බියාව භූ කම්පන ක්‍රියාකාරී කලාපයකයි පිහිටා ඇත්තේ.

කොලොම්බියාවේ විශාලතම වාර්තාගත ස්වාභාවික ව්‍යසනය වූ නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනිකන්ද සක්‍රිය වීමෙන් 1985 වසරේ දී මිනිසුන් 25,000ක් මිය ගියා.

බලධාරීන් මාර්තු මාසයේදී අනතුරු අඟවා තිබුණේ එම ප්‍රදේශය අවට භූ කම්පන ක්‍රියාකාරකම් වැඩි වීමක් සිදුවිය හැකි බවටයි.

2008 වසරේ දී එල් කැල්වාරියෝ හි කේන්ද්‍රගත වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22