කොළඹ හතේ ගොඩනැගිලි 04ක මහාධිකරණයන් පිහිටුවීමට අනුමැතිය

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාර ව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් ඇති බව රජය පෙන්වා දෙනවා.

ඒ අනුව, කඩිනමින් නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා කොළඹ 07 ප්‍රදේශයේ, දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය භාරයේ පවතින ගොඩනැගිලි 04ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීම පිණිස සිය අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමෙන් අනතුරුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය වී තිබෙනවා.

එම ගොඩනැගිලි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට ලබා තිබූ නිල නිවස වන විජේරාමේ පිහිටි නිවස අයිතිව තිබූ ගොඩනැගිල්ල ද එලෙස මහාධිකරණ ස්ථාපිත කිරීම සඳහා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම ගොඩනැගිලි පිහිටි ලිපිනයන් පහතින් දැක්වෙනවා.

අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07.
අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
අංක B 108, විජේරාම පාර, කොළඹ 07.
අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍ර වංකය, කොළඹ 07.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?