කොළඹ හතේ ගොඩනැගිලි 04ක මහාධිකරණයන් පිහිටුවීමට අනුමැතිය

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාර ව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් ඇති බව රජය පෙන්වා දෙනවා.

ඒ අනුව, කඩිනමින් නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා කොළඹ 07 ප්‍රදේශයේ, දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය භාරයේ පවතින ගොඩනැගිලි 04ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීම පිණිස සිය අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමෙන් අනතුරුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය වී තිබෙනවා.

එම ගොඩනැගිලි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට ලබා තිබූ නිල නිවස වන විජේරාමේ පිහිටි නිවස අයිතිව තිබූ ගොඩනැගිල්ල ද එලෙස මහාධිකරණ ස්ථාපිත කිරීම සඳහා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම ගොඩනැගිලි පිහිටි ලිපිනයන් පහතින් දැක්වෙනවා.

අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07.
අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
අංක B 108, විජේරාම පාර, කොළඹ 07.
අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍ර වංකය, කොළඹ 07.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43