AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගන්නා නැවේ ගෙන ආ ද්‍රව්‍ය ගැන හෙළිවෙයි

ඉන්දියාවේ සිට මෙරටට ගමන් ආරම්භ කර තිබූ නෞකාවේ තිබී ඇති ද්‍රව්‍ය පිළිබඳව මේ වන විට තොරතුරු වාර්තා වී ඇති තිබේ.

ඒ අනුව මෙම නෞකාවේ එතනෝල් සහ සෝඩියම් වැනි වාහ ගිනි ඇවිලෙන සුලු රසායනික ද්‍රව්‍ය තිබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

ඊයේ (20) දිනයේ දී මෙම නෞකාවෙන් කහ පැහැති ධූමාරයක් පිට වීම ආරම්භ වීමත් සමඟ කොළඹ වරායට පිටත නෞකාව නැගුරම්ලා තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැක පළ කර තිබුණේ එහි තිබූ රසායනික ද්‍රව්‍ය සහිත බහලුම්වලට වැසි ජලය මිශ්‍ර වී ඇතිවූ ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මෙම ධුමාරය ඇතිවන්නට ඇති බවයි.

කෙසේ වෙතත් අද (21) දිනය වන විට නෞකාව ගිනිගෙන තිබුණු අතර නාවික හමුදාව සහ වරාය අධිකාරිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා තිබේ

සසැදි පුවත – කොළඹ වරාය ආසන්නයේදී නෞකාවක ගින්නක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?