කොළඹ වරාය ආසන්නයේදී නෞකාවක ගින්නක්

කොළඹ වරාය ආසන්නයේදී රසායනික ද්‍රව්‍ය බහාලුම් නෞකාවක ගින්නක් හට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මේ වන විට නාවික හමුදාව සහ වරාය අධිකාරිය විසින් නෞකාවේ ඇතිවූ ගින්න මැඩ පවත්වමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කර සිටින්නේ.

ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව මෙලෙස නිවේදනය කර තිබුණා.

“කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ 2021 මැයි 20 වන දින දිවා කාලයේ ගින්නක් ඇතිවී ඇති බවට ලද තොරතුරකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම මුහුදු ප්‍රදේශය වෙත ශ්‍රී ලංනානෞ සාගර සහ සිඳුරළ යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා 02 සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කෙරිණි. මේ වන විට වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවක් (01) ද මෙම මුහුදු ප්‍රදේශයේ නෞකාවේ ඇති වී තිබෙන ගින්න පාලනය සඳහා යොදවා ඇත.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කර ඇති අතර, නෞකාව 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ වරාය වෙත ඇතුළු වීම සඳහා නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මෙම ගින්න හටගෙන ඇත. නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දීයනු සහ රුසියානු ජාතිකයින් 25ක ගෙන් සමන්විත වේ.

2021 මැයි මස 20 වන දින සන්ද්‍යා කාලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් නෞකාවට ඇතුළුවී එහි තත්වය පරීක්‍ෂා කරන ලද අතර, නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමෙන් සිදුවූ යම් ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම ඇති වී ඇති බවට සැක කෙරේ. තවද, හදිසි අවස්තාවකදී ක්‍රියාත්මක වීම සඳහා නාවික හමුදා විශේෂ කණ්ඩායම් සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සූදානමින් සිටින අතර මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රාව ගින්න පාලනය කරමින් සිටී.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14