කොළඹ වරායට මෙතෙක් පැමිණි විශාලතම බහාලුම් නෞකාව නැගෙනහිර පර්යන්තයට

ලොව අති විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාවක් ලෙස ප්‍රකට MSC MARIELLA නෞකාව පෙරේදා (28) දින කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) වෙත පැමිණියා.

බටහිර අප්‍රිකාවේ ලයිබීරියාවට අයත් MSC MARIELLA නෞකාව මීටර් 399.90 ක දිගින් යුතු වන අතර, පළල මීටර් 61.30ක්.

ටොන් 240,737 ක බරැති බහාලුම් ප්‍රමාණයක් දරාගත හැකි මෙම සුවිශාල නෞකාව 2023 වසරේදී නිෂ්පාදනය කරන ලද්දක් බවයි ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මෙම නෞකාවෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තයට බහාලුම් 1,600ක ප්‍රමාණයක් පැටවීම සහ බෑම සිදු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතා පැවසුවා.

MSC MARIELLA නෞකාවේ පැමිණීම ශ්‍රී ලංකාවේ නාවුක ක්‍ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත්, එය ජාත්‍යන්තර නාවුක ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නාමය වඩාත් ඉහළින් ඔසවා තැබීමට හේතුවන බවත් ගණක හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසුවා.

වත්මන් ආණ්ඩුවේ අභිප්‍රාය වන, කොළඹ වරාය දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය(Maritime hub) බවට පත්කිරීමේ සිහිනය සැබෑ වෙන බවට මේ අතිවිශාල නෞකාවේ පැමිණීම ඉඟියක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?