කොළඹ වරායට මෙතෙක් පැමිණි විශාලතම බහාලුම් නෞකාව නැගෙනහිර පර්යන්තයට

ලොව අති විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාවක් ලෙස ප්‍රකට MSC MARIELLA නෞකාව පෙරේදා (28) දින කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) වෙත පැමිණියා.

බටහිර අප්‍රිකාවේ ලයිබීරියාවට අයත් MSC MARIELLA නෞකාව මීටර් 399.90 ක දිගින් යුතු වන අතර, පළල මීටර් 61.30ක්.

ටොන් 240,737 ක බරැති බහාලුම් ප්‍රමාණයක් දරාගත හැකි මෙම සුවිශාල නෞකාව 2023 වසරේදී නිෂ්පාදනය කරන ලද්දක් බවයි ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මෙම නෞකාවෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තයට බහාලුම් 1,600ක ප්‍රමාණයක් පැටවීම සහ බෑම සිදු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතා පැවසුවා.

MSC MARIELLA නෞකාවේ පැමිණීම ශ්‍රී ලංකාවේ නාවුක ක්‍ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත්, එය ජාත්‍යන්තර නාවුක ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නාමය වඩාත් ඉහළින් ඔසවා තැබීමට හේතුවන බවත් ගණක හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසුවා.

වත්මන් ආණ්ඩුවේ අභිප්‍රාය වන, කොළඹ වරාය දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය(Maritime hub) බවට පත්කිරීමේ සිහිනය සැබෑ වෙන බවට මේ අතිවිශාල නෞකාවේ පැමිණීම ඉඟියක් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23