කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.
ඒ, අනුව කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් තේරී පත් වුණා.
මෙම පත්කර ගැනීම සිදුකෙරුනේ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ මූලිකත්වයෙන් පැවති රහස් ඡන්දයකින්.
ඒ, අනුව ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ඡන්ද 61ක් ලබාගත් අතර, විපක්ෂය ඉදිරිපත් කළ රීසා සරුක් මහතා ඡන්ද 54ක් ලබාගත්තා.
මේ අතර ඡන්දය භාවිත කිරීමට මන්ත්‍රීවරු 117ක් සුදුකම් ලබා සිටි අතර, වලංගු ඡන්ද 115ක් ප්‍රකාශ වී තිබූ අතර, ඡන්ද දෙකක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත්ව තිබුණා.
මේ අතර බහුතර එකඟතාව මත හේමන්ත කුමාර මන්ත්‍රීවරයා කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරීපත්ව තිබෙනවා.





