කොළඹ – බදුල්ල බස් රථයක් තුළ පතොරම් පෙට්ටියක් (ඡායාරූප)

බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොල අසල දී බස් රථයක් තුළ තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඊයේ (22) දහවල් බණ්ඩාරවෙල නගරයේ දී පරීක්ෂා කිරීමේ දී මෙම ජීව පතරොම් තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පතරොම් අතර පිස්තෝල පතරොම් 113ක්, ටී56 පතරොම් 09ක් හා ටී 56 එල්එම්ජී පතරොමක් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම පතරොම් බස් රථයේ ගමන්මළු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක බහා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අදාළ පතොරම් තොගය බස් රථය තුළට ගෙන ආ පුද්ගලයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී අවි ආයුධ කිහිපයක් සොයා ගෙන
තිබෙනවා.

එහිදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, පිස්තෝල පතරොම් 02ක් හා කඩු 02ක් සොයගත් බවයු පොලිසිය සඳහන් කළේ.

මේ සමඟ වයස අවුරුදු 26ක සැකකාරියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?