කොළඹ පාසල් 18කට ලබන මාසයේ සිට ආහාර වේලක්

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 18ක ළමුන්ට ලබන නොවැම්බර් 01 වනදා සිට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

කොළඹ ඊයේ (28) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ඉදිරියේ කිසිඳු පාසලක් ජාතික පාසලක් ලෙස නම් නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව ඉදිරියේ දී පළාත් මට්ටමින් ප්‍රමුඛතා පාසල් බිහිකිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?