කොළඹ පාසල්වල ක්‍රිකට් පිරිහිලා, ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරිකගෙන් හෙළිදරව්වක්

කොළඹ ප්‍රධාන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද පවසනවා.

දක්ෂතා ඇති ක්‍රීඩකයින් වෙනුවට එම පාසල්වල ආදි ශිෂ්‍යයින් සහ කණ්ඩායම්වලට සුබපතන්නන්ගේ ළමුන් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට එක්කර ගැනීම තුළින් මෙම තත්ත්වය උදාවී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සහ දක්ෂතා ඇති පාසල් ක්‍රීඩකයින් සොයාගැනීමේ අරමුණින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම්කර ඇති බව ඔහු පැවසුවා.

ඒ, අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 433ක ක්‍රිකට් කණ්ඩායම් 433ක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දැනට ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල්වල සිටින ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට මෙම කණ්ඩායම් සඳහා ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවයි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද පැවසුවේ.

මෙම සැලැස්ම යටතේ මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකම කණ්ඩායම් නිර්මාණය කර ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාසල් සම්මාන උළෙලේ මහනුවර දිස්ත්‍රික් සම්මාන උළෙලට අද (25) එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරිකවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?