කොළඹ පාසල්වල ක්‍රිකට් පිරිහිලා, ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරිකගෙන් හෙළිදරව්වක්

කොළඹ ප්‍රධාන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද පවසනවා.

දක්ෂතා ඇති ක්‍රීඩකයින් වෙනුවට එම පාසල්වල ආදි ශිෂ්‍යයින් සහ කණ්ඩායම්වලට සුබපතන්නන්ගේ ළමුන් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට එක්කර ගැනීම තුළින් මෙම තත්ත්වය උදාවී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සහ දක්ෂතා ඇති පාසල් ක්‍රීඩකයින් සොයාගැනීමේ අරමුණින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම්කර ඇති බව ඔහු පැවසුවා.

ඒ, අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 433ක ක්‍රිකට් කණ්ඩායම් 433ක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දැනට ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල්වල සිටින ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට මෙම කණ්ඩායම් සඳහා ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවයි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද පැවසුවේ.

මෙම සැලැස්ම යටතේ මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකම කණ්ඩායම් නිර්මාණය කර ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාසල් සම්මාන උළෙලේ මහනුවර දිස්ත්‍රික් සම්මාන උළෙලට අද (25) එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරිකවරයා මේ බව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39