කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලෙස විනිසුරු මංජුල තිලකරත්න පත්කරයි

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්‍ය පටබැඳිගේ මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්ස්වීම් ලැබීමෙන් හිස් වූ පුරප්පාඩුව වෙනුවෙන් මංජුල තිලකරත්න මහතා පත්කර තිබෙනවා.

කොළඹ අංක 6 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ නවරත්න මාරසිංහ මහතා සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයා වශයෙන් පත්කොට ඇති අතර, කොළඹ මහාධිකරණයේ පුරප්පාඩු ව ඇති විනිසුරු ධූරයන් සඳහා සහන් මාපා බණ්ඩාර මහතා, ලංකා ජයරත්න සහ ඉන්දිකා කාලිංගවංශ යන මහත්ම මහත්මීන් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සහන් මාපා බණ්ඩාර මහතා සහ රත්නපුර මහාධිකරණ විනිසුරුවරිය වශයෙන් කටයුතු කර ලංකා ජයරත්න මහත්මිය මෙලෙස කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් පත් කර තිබෙනවා.

මේ අතර කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ මහේන් වීරමන් මහතා අංක දෙක අධිකරණයේ විනිසුරුවරයා වශයෙන්ද, ආර්.එස්.එස් සපුවිද මහතා අංක තුන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, සුජීව නිශ්ශංක මහතා අංක හතර අධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, එච්.පී.එම්. අභයරත්න මහතා අංක 5 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද පත්කර ඇති බව සඳහන්.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?