කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලෙස විනිසුරු මංජුල තිලකරත්න පත්කරයි

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්‍ය පටබැඳිගේ මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්ස්වීම් ලැබීමෙන් හිස් වූ පුරප්පාඩුව වෙනුවෙන් මංජුල තිලකරත්න මහතා පත්කර තිබෙනවා.

කොළඹ අංක 6 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ නවරත්න මාරසිංහ මහතා සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයා වශයෙන් පත්කොට ඇති අතර, කොළඹ මහාධිකරණයේ පුරප්පාඩු ව ඇති විනිසුරු ධූරයන් සඳහා සහන් මාපා බණ්ඩාර මහතා, ලංකා ජයරත්න සහ ඉන්දිකා කාලිංගවංශ යන මහත්ම මහත්මීන් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සහන් මාපා බණ්ඩාර මහතා සහ රත්නපුර මහාධිකරණ විනිසුරුවරිය වශයෙන් කටයුතු කර ලංකා ජයරත්න මහත්මිය මෙලෙස කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් පත් කර තිබෙනවා.

මේ අතර කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ මහේන් වීරමන් මහතා අංක දෙක අධිකරණයේ විනිසුරුවරයා වශයෙන්ද, ආර්.එස්.එස් සපුවිද මහතා අංක තුන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, සුජීව නිශ්ශංක මහතා අංක හතර අධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, එච්.පී.එම්. අභයරත්න මහතා අංක 5 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද පත්කර ඇති බව සඳහන්.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40