කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන් තිදෙනෙක්, පාසලේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් අපයෝජනයට ලක්කර ඇති බව පවසමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත අද (21) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
යුනයිටඩ් හියුමන් රයිට්ස් ඕර්ගනයිසේෂන් ආයතන විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි එම ආයතනය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කළේ.
පසුගිය 04 වනදා පාසල තුළ දී වයස අවුරුදු 14ක සිසුන් තිදෙනෙක් ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් මෙලෙස අපයෝජනය ලක්කර ඇති බවයි පැමිණිල්ල සිදුකළ යුනයිටඩ් හියුමන් රයිට්ස් ඕර්ගනයිසේෂන් ආයතනය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මෙම සිදුවීම පිළිබඳව පොලිසිය ලැබුණු තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට මේ වන තෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
ඒ, අනුව අධිකරණය වෙත මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමඟ විමර්ශන සිදුකරණ බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම අධිකරණ නියෝගයක් ලබාගෙන පාසලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමට ද කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර අද දිනයේ ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කළ යුනයිටඩ් හියුමන් රයිට්ස් ඕර්ගනයිසේෂන් ආයතන පවසන්නේ මෙම අපරාධය පාසලේ විදුහල්පතිවරයා වසන් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට පාසලේ දුරකථන අංකයට අමතමින් අප උත්සාහ කළත් ඊට කිසිවෙක් ප්‍රතිචාර දක්වා සිටියේ නැහැ.















