කොළඹ ඇලවෙන කුලුනේ රුපියල් කෝටි 1200ක වංචාවක්

කොළඹ ‘ඇලවෙන කුලුන’ නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි 1200කට ආසන්න වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

ඉන්දියාවේ, කල්කටාහි පිහිටි පෞද්ගලික සමාගමක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර අපරාධ විමර්ශන අංශය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

අදාළ ඉන්දියානු සමාගමේ පාලිත සමාගමක් මෙරට පිහිටා තිබෙන බවත්, එම සමාගමේ හිමිකාරීත්වය සහ පාලනය දරන පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනකු මැදිහත්වී මෙම වංචාව සිදුකර තිබෙන බවත් පැමිණිලිකාර ඉන්දියානු සමාගමේ උප සභාපති මනමෝහන් බස්ලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.

මෙම ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ කොටසක් රුපියල් 272කට මිල කර තිබියදී, පැමිණිලිකාර සමාගමට කිසිදු දැනුම්දීමක් හෝ අවසරයකින් තොරව වංචනික ලෙස එක් කොටසක් රුපියල් 02 බැගින් විකිණීම තුළින් රුපියල් එක්දහස් එකසිය හැත්තෑහතරකෝටි පනස් ලක්ෂයක (රුපියල් 11,745,000,000) වංචාවක් සිදුකර තිබෙන බවත්, සිය පැමිණිල්ල මගින් ඉන්දියානු සමාගම දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09