කොළඹ ඇලවෙන කුලුනේ රුපියල් කෝටි 1200ක වංචාවක්

කොළඹ ‘ඇලවෙන කුලුන’ නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි 1200කට ආසන්න වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

ඉන්දියාවේ, කල්කටාහි පිහිටි පෞද්ගලික සමාගමක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර අපරාධ විමර්ශන අංශය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

අදාළ ඉන්දියානු සමාගමේ පාලිත සමාගමක් මෙරට පිහිටා තිබෙන බවත්, එම සමාගමේ හිමිකාරීත්වය සහ පාලනය දරන පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනකු මැදිහත්වී මෙම වංචාව සිදුකර තිබෙන බවත් පැමිණිලිකාර ඉන්දියානු සමාගමේ උප සභාපති මනමෝහන් බස්ලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.

මෙම ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ කොටසක් රුපියල් 272කට මිල කර තිබියදී, පැමිණිලිකාර සමාගමට කිසිදු දැනුම්දීමක් හෝ අවසරයකින් තොරව වංචනික ලෙස එක් කොටසක් රුපියල් 02 බැගින් විකිණීම තුළින් රුපියල් එක්දහස් එකසිය හැත්තෑහතරකෝටි පනස් ලක්ෂයක (රුපියල් 11,745,000,000) වංචාවක් සිදුකර තිබෙන බවත්, සිය පැමිණිල්ල මගින් ඉන්දියානු සමාගම දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?