කොළඹ ආරක්ෂාව තර කිරීමට හේතුව හෙළිවෙයි

කොළඹ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කළ හේතුව සම්බන්ධයෙන් පොලිසිය පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය කරුණු හෙළි නොකළ ද අනාවරණ වී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය තුළ 750ක පමණ පිරිසක් කැරලිකාරී ලෙස හැසිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරක් ලැබී ඇති බවටයි.

ඒ අනුව මෙම ආරක්‍ෂිත පියවර ගෙන ඇති බව සඳහන්.

කොළඹ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් යොදවා තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, බුද්ධි අංශ වෙත ලැබෙන අදාළ තොරතුරු පිළිබඳ යාවත්කාලීනයක් ලැබෙන තුරු අදාළ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවයි.

රජයට බලපෑම් කිරීමේ කුමන්ත්‍රණයක් කොළඹ විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවට ලැබුණු බුද්ධි තොරතුර හේතුවෙන් නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශය කොල්ලුපිටිය මංසන්ධිය අරලියගහ මන්දිරය ඇතුලු ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබුණා.

එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලය ලංකා බැංකු මාවත ඇතුලු ප්‍රදේශවල ද ආරක්ෂාව තර කර ඇති ආකරය දක්නට ලැබුණා.

මෙම ආරක්ෂාව තර කිරීම හමුවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සාහය අසාර්ථක වී ඇතැයි ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46