AFC Banner
AFC Banner
Empty Ad

කොළඹට ⁣මත්ද්‍රව්‍ය බෙදන තවත් තිදෙනෙක් කොටු වෙයි

කොළඹ අවට ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතවූ සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොළඹ, කැලණිය, කළුතර, පානදුර, නුගේගොඩ ප්‍රදේශවලට හෙරොයින්, ගංජා සහ හෂීස් ඉතා සූක්ෂම ලෙස බෙදාහරිමින් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් තුන්දෙනා රුපියල් කෝටි 07කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් අද (08) අළුයම සමත් වුණා.

මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්රෑම් 01ක්, කේරළ ගංජා කිලෝ 125ක් සහ හෂීස් කිලෝ 2ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 2කට අධික මුදල් ප්‍රමාණයක් ද පොලිසිය සොයා ගනු ලැබුවා.

සැකකරුවන් කොටහේන, වත්තල සහ දික්ඔය ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් වන අතර වත්තල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගනිමින් මෙම ජාවාරම් සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග ලබාගනිමින් මාලිගාවත්ත පොලිසිය විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?